Friday, July 27, 2012

අපේ පරිගණකයේ වේගය වැඩිකරගමුද?


සාමාන්‍යයෙන් win 7 වල කරදරයක් නැතුව වැඩ කරගන්න නම් අඩුම තරමින් Ram එක 1GB වත් තියෙන්න ඕනෑ. මොකද 512MB වගේ Ram එකක් තිබුණොත් ඉතිං වැඩ කරනවාට වඩා වැඩි වෙලාවක් බලාගෙන ඉන්න සිද්ධ වෙයි.
ඉතිං මෙහෙම බලාගෙන ඉන්නවට වඩා අපේ com 1 speed එක ටිකක් හරි වැඩි කරගන්න පුලුවන් වුනොත් හොඳයි නේද?
අන්න ඒ නිසා තමයි මේ ක්‍රමය ඔයගොල්ලන්ට අත්හදා බලන්න කියල කියන්නේ.
මේකට කියන්නේ Ready Boost තාක්ෂණය කියලයි.
මේකෙන් කරන්නේ අපේ
Ram මතකය තවත් වැඩි කිරීමක් කිව්වොත් හරි. හැබැයි ඉතිං මේ වැඩේ කරගන්න අපිට pen එකක් නම් උවමනා වෙනවා. දැන් 2GB pen එකක් වුනත් ගොඩාක් අඩුවට අපිට වෙළඳපොලෙන් මිලදී ගන්න පුලුවන්. ඒක Ram එකක් ගන්නවා වෙනුවට ලොකු ලාභදායී දෙයක්නෙ. නැත්නම් ඉතිං අද කාලේ Ram එකක් ගන්නවා කියන්නේ කී දාහක් වියදම් වෙන වැඩක්ද?
හරි...  හරි... දැන් ඉතිං අපි වැඩේට බහිමු.
මුලින්ම ඔයගොල්ලෝ pen එක com එකට connect කරලා run වුනාම pen එක උඩ right click කරන්න. ඊට පස්සේ properties වලට යන්න. එතැනින් Ready Boost tab එක තෝරන්න. එතකොට එනවා මෙහෙම එකක්. ඔය පහත දාලා තියෙන පින්තූරේ වගේ එකක්.


පැහැදිලිව පේන්නේ නැත්නම් පින්තූරය උඩ click කරන්න.
ඒකේ option 3 ක් තියෙනවා. ඒකෙන්,
Dedicate this device to ready boost කියන එක නැත්නම් Use this device කියන එක තෝරන්න.
දැන් ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට මතකය සකසාගන්න පුලුවන්. ඊට පස්සේ වෙන්නේ ඔයාලා දුන්න මතකයයි com එකේ ram මතකයයි එකිනෙකට share වෙන එකයි.
මම නම් මේ ක්‍රමේ අත්හදා බලලා සාර්ථක වුන නිසයි ඔයාලට කියන්න හිතුවේ.
එහෙනම් ඉතිං දැන්ම ඔයාලත් ඔයාලාගේ
com එක Boost කරගන්න ගොඩාක් අඩුවට සහ බොහොම පහසුවෙන්.
ඔයාලට සුභ දවසක්!

2 comments:

  1. Replies
    1. ස්තුතියි යාලුවා.
      නිතරම අපිව දිරිමත් කරනවාට.

      Delete

මම ඔයගොල්ලන්ගේ අදහස්, යෝජනා, චෝදනා ඕනෑම දෙයක් සතුටින් බාර ගන්නවා. ඒ නිසා ප්‍රතිචාරයකුත් දීලම යන්න අමතක කරන්න එපා. මොකද ඒක මට සතුටක්!