Wednesday, December 12, 2012

කවි රසය හඳුනන අයටයි!

අද විශේෂ දවසක් 12.12.12.
මේ වගේ දවසක් එන්නේ ජීවිතේටම එක වතාවයි.
ඒනිසා මේ විශේෂ දවසේ ඔයාලට අපූරු ලිපියක් ලියන්නට මම අදහස් කලා.

කවිය කියන්නේ හරිම පුදුමාකාර දෙයක්. කවිය වෙලාවකට තේරුමක් තියෙන දෙයක් වෙන්නත් පුලුවන්, එහෙම නොවෙන්නත් පුලුවන්. එකම එක පුංචිම පුංචි කවියකට බොහොම පොඩි වෙලාවකින් ගොඩක් දේවල් කියන්න පුලුවන්. සමහර කවි හරිම ලස්සනයි, අමුතුයි. අන්න එහෙම කවි ලියන අපූරු කවියෙක් (?) මට මෑතකදී හමුවුනා. ඔහු නමින් ඉන්දික ගුණවර්ධන. සමහරු නම් දන්නවත් ඇති මෙයා ගැන. ඔන්න එහෙම නම් මෙයාගේ කවි කොහොමද කියලා ඔයාලම බලන්නකෝ.

සින්ඩරෙල්ලා

ජීවිතේ
නොසිතූ මොහොතක
රෑ දොළහෙ කනිසම වැදුණාම
බලාපොරොත්තුවේ සපත්තුව
හද ළඟ තියාන
බලා හිටියා
කල්පයක් විතර

දකිමින්
සොඳුරු
සිහින
ඔබ එතැයි
අද
නැත්නම්
හෙට

ඔබ මෙහේ එනකොට
සපත්තුව
පොඩි වැඩියි
මට

කවිවලට කැමති ඔයාලටත් ඉන්දික කවියාට (?) එකතු වෙන්න පුලුවන්. ඒ facebook එකෙන්.
එහෙම නම් කැමති අය මෙන්න මෙතනින් යන්න. තව බ්ලොග් එකකුත් තියෙනවා. ඒකට මෙතනින් යන්න.
මෙන්න ඉන්දික කවියගේ (?) තවත් කවි පෙලක්.

උතුරු මිතුරු

පණ වගේ
ආදරෙයි කිව්වට
ගහට

ගහ
කැමතිවෙයිද
පොරවට?

හොඳ දේවල් කොහොමත් අගය කරන්න ඕනනේ. අන්න ඒක නිසා තමයි මම මේ ලිපිය දැම්මේ.
එහෙනම් කොහොමද කියලා බලලා හොඳ නරක කියන්න.
ඔයාලට සුභ දවසක්!

Thursday, November 22, 2012

ඕනම doc එකක් pdf කරගන්න හොඳම ක්‍රමය

ඉතින් කොහොමද යාලුවන්ට? ඔන්න ඉතින් අද මම ඔයගොල්ලන්ට කියන්න හදන්නේ ටිකක් පරණ දෙයක්. පරණ දේ වුනත් වටිනවනේ. “Old is Gold” කියල කියමනක් තියෙනවනේ. 
ඔයාලා ගාව office 2007 පැකේජය තියෙනවද? අන්න එහෙම නම් ඔයාලටත් මේ ප්‍රශ්නය තියෙන්න ඇති. 
2007 office පැකේජයෙන් කරගන්න doc එකක් අපිට pdf එකක් විදියට save කරගන්න දෙන්නෙ නැහැ. දැන් ඉතින් මෙහෙම කිව්වට කට්ටියට ගොඩක් ක්‍රම ඇතිනේ pdf කරගන්න. ඒත් අපිට ඒ වැඩේ 2007 office පැකේජයෙන්ම කරගන්න පුලුවන් නම් ගොඩක් හොඳයි නේද?
එහෙම නම් මෙන්න මේ පුංචි software එක මෙතනින් බාගන්න. මේක microsoft ආයතනයෙන් තමයි දෙන්නේ. ඒකත් නොමිලේම.
ඔන්න ඉතින් ඔයාල download කරගත්ත පුංචි software එක සාමාන්‍යයෙන් setup එකක් install කරන විදියට install කරගන්න. දැන් ඉතින් වැඩේ හරි. 
ප්‍රශ්නයක් එහෙම ආවොත් කියන්න.
ඔයාලට සුභ දවසක්!

Tuesday, October 2, 2012

Slinkachu පුංචි කලාකරුවා.

අද මම ඔයගොල්ලන්ට කියන්න යන්නේ එක්තරා නිර්මාණශීලී පුද්ගලයෙක් ගැනයි. මෙයාගේ නම තමයි Slinkachu. කියන්න නම් ටිකක් අමාරුයි නේද? හැබැයි මෙයා කරන වැඩ නම් බොහොම අපූරුයි.
ඉතින් බලන්නකෝ මෙයා කරපු වැඩ කොහොමද කියලා.



කොහොමද පින්තූර ටික හොඳයි නේද?
දැන් මෙයා සඟරාවල පිටකවරවලට විවිධ වෙබ් අඩවිවලට වගේ ගොඩක් දේවල්වලට තමාගේ දායකත්වය දෙනවා. මේ පින්තූර දිහා බැලුවම ඔයාලට හිතෙන්නේ මොනවද කියලා අදහසක් එහෙම දුන්නට කමක් නෑ.
වැඩි විස්තර එහෙම දැනගන්න මෙයාගෙ සයිට් එකට මෙන්න මෙතනින් යන්න.

Slinkachu
ඔයාලත් මේ වගේ දේවල් දන්නවා නම් අන්න ඒකට ඉඩ ලබාදෙන්න අමුතු වැඩට කැමති අපි සූදානම්. 
කැමතිනම් comment එකක් මගින් ඔයාලගේ E-mail ලිපිනය එවන්න. එතකොට ඔයාලටත් පුලුවන් මේ වගේ ලිපි අමුතු වැඩට කැමති අයට බ්ලොග් එක ඔස්සේ පළ කරන්න. ඔයාලට සුභ දවසක්!
ජය වේවා!

Monday, October 1, 2012

මෙන්න නියම මැජික් එකක්!


මම මීට පෙර ලිපියේ කිව්වනේ මැජික් කියන්නේ මොනවගේ දෙයක්ද කියලා. මෙන්න තවත් ඒ වගේ වැඩක්. මේක නම් අලුත් වැඩක් නෙමේ. ටිකක් පරණයි. එහෙමනම් ඔයාලත් මේක බලලම ඉන්නකෝ.

 

කොහොමද වැඩේ. නියමයිනේ. 
නිර්මාණශීලී හැකියාව (creative) ඇඟේ තියෙනව නම් මීට වැඩිය දේවල් කරන්න පුලුවන් කියල තමයි මගේ අදහස. මම හිතන්නේ අපේ රටේ මෙහෙම හිතන අය ඕන තරම් ඉන්නවා කියලයි. 
යාලුවො මොකද හිතන්නේ මම කිව්ව දේ ගැන?
ඔන්න ඉතින් කරල බලල අදහසක් එහෙම කිව්වට කමක් නෑ. එහෙනම් යාලුවන්ට සුභ දවසක්.