Monday, June 18, 2012

කතා කරන einstein ගිරවා


සුභ දවසක් යාළුවනේ...
ඉතින් අද මම ඔයගොල්ලන්ට කියන්න හදන්නේ එක්තරා ගිරවෙක් ගැන.


උගේ නම තමයි අයින්ස්ටයින්. අයින්ස්ටයින් කියන්නේ ඇල්බට් අයින්ස්ටයින්ගේ නෑයෙක් එහෙමද කියල නම් දන්නෙ නෑ.
හැබැයි මෙයා වචන ගොඩාක් කිසිම අපහසුවකින් තොරව කතා කරනවලු. පසුගිය දවසක මෙයා තරගයකට ගිහින් කරපු දේවල් දැකලා විනිශ්චය මණ්ඩලයේ හිටපු අයත් පුදුමයෙනුත් පුදුමයට පත් වුනා. ඔන්න එහෙනම් බලාගන්නකො මෙයාගේ වැඩ කොහොමද කියලා.


මෙයා දැන් ෆේස්බුකියෙත් ඉන්නවා. ඒකට මෙතනින් යන්න.

Monday, June 4, 2012

facebook එකේ සිංහලෙන් chat කරන්න

යාළුවො දන්නවද ඉස්සර මට ඇති වෙච්ච ප්‍රශ්නයක් තමයි කොහොමද ෆේස්බුකියෙ හරි වෙනත් සයිට් 1ක හරි සිංහලෙන් type කරන්නේ කියලා. ඊට පස්සේ හොයල හොයලා අන්තිමේදී හම්බවුනා පොඩි software 1ක්. මෙන්න මේ සයිට් 1ට ගිහින් ඔයාලත් ඔයාලාගේ com 1ට ගැලපෙන software 1 බාගෙන install කරලා බලන්න.
මේ 
soft එකෙන්ම ඔයාලට වෙබ් අඩවිවල සිංහලෙන් ඇති දේවල් අපැහැදිලිව පෙනුනා නම් ඒකත් මඟ ඇරේවි.



මම ඔයගොල්ලන්ගේ අදහස්, යෝජනා, චෝදනා ඕනෑම දෙයක් සතුටින් බාර ගන්නවා. ඒ නිසා ප්‍රතිචාරයකුත් දීලම යන්න අමතක කරන්න එපා. මොකද ඒක මට සතුටක්!

ඇපල් අයි ෆොන් ගැන...

ඇපල් සමාගම විසින් ඉදිරියේදී හඳුන්වාදෙන නවතම දුරකතනය තමයි Apple iphone 5


ආකර්ශනීය පෙනුමකින් හා හැඩයේ වෙනසක්ද සමඟින් ඉදිරිපත් කරන්නට තමයි දැනට සැලසුම් කරගෙන යන්නේ.
ඉතින් මෙම අයි ෆෝනය මේ වසරේ ඔක්තෝබර් මාසයේදී නිකුත් කිරීමට නියමිතව ඇති බවයි නවතම මාධ්‍ය වාර්තාවලින් පෙනී යන්නේ. 



මේ අයි ෆෝනයට එක්කරලා තියෙන විශේෂාංග කිහිපයක් ඔයගොල්ලොත් බලන්න.



ඉතින් හොඳයි නේද අලුතින් එන අයි ෆෝනය!
මම ඔයගොල්ලන්ගේ අදහස්, යෝජනා, චෝදනා ඕනෑම දෙයක් සතුටින් බාර ගන්නවා. ඒ නිසා ප්‍රතිචාරයකුත් දීලම යන්න අමතක කරන්න එපා. මොකද ඒක මට සතුටක්!