Thursday, July 26, 2012

2007 ඔෆිස් පැකේජයේ doc 2003 ඔෆිස් පැකේජයෙන් බය නැතුව open කරමුද?


ඉතින් කොහොමද යාළුවනේ. හුඟ දවසකට පස්සේ තමයි බ්ලොගය පැත්තට ආවේ. මොකද මේ දවස්වල ටිකක් කාර්යබහුලයි. 
අද මම ඔයගොල්ලන්ට දෙන්න යන්නේ ගොඩක් ප්‍රයෝජනවත් ඒ වගේම සරල soft 1ක්. soft 1ක් කිව්වට මේක tool 1ක්. 
සමහරු නම් මේ ගැන දන්නවත් ඇති. මයික්‍රොසොෆ්ට් සමාගමෙන් තමයි මේක දෙන්නේ. දැන් ඉතින් මයික්‍රොසොෆ්ට් සමාගමෙන් කිව්වම ඔයගොල්ලො හිතයි මේක මිලදී ගන්න ඕන 1ක්ද කියලා. 
ඇත්තටම මයික්‍රොසොෆ්ට් සමාගමෙන් මේ සරල tool එක දෙන්නේ නොමිලේ. සාමාන්‍යයෙන් මයික්‍රොසොෆ්ට් සමාගමේ 2007 දී හදපු ඔෆිස් පැකේජයෙන් කළ ඩොකියුමන්ට්, 2003 දී හදපු ඔෆිස් පැකේජයෙන් open කරන්න බැහැ. open කළත් වචන, රූප සටහන් වගේ දේවල් වෙනස් වෙන්න පුලුවන්. ඉතින් අපි ලඟ 2003 ඔෆිස් පැකේජය තියෙනවනම් 2007 ඔෆිස් පැකේජයෙන් කළ doc බය නැතුව open කරන්න පුලුවන් මේ tool එකෙන්. මේ tool එකෙන් කරන්නේ අපිට අවශ්‍ය doc එක ඊට අඩු version 1කට convert වීමයි. තව දෙයක් තමයි 2010 ඔෆිස් පැකේජයෙන් කළ doc වුනත් මේකෙන් කිසිම ප්‍රශ්නයක් නැතුව open කරගන්න පුලුවන්.
කාලයක් මටත් මේක ප්‍රශ්නයක් වෙලා තිබුණේ. අපි විතරක් දැන ගත්තට මදිනේ. දන්නැති අයටත් මේක කියන්න ඕනේ කියලා හිතුන නිසා තමයි මම මේ ගැන ඔයාලට කිව්වේ. හා... හා... කතා ඇති. ඔයාලත් මේක බාගෙන install කරලම බලන්නකෝ කොහොමද කියලා. එහෙනම් මෙන්න මෙතනින් බාගන්න. ඔයාලට මේක install කරද්දී මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් අහන්න. ඔයාලට සුභ දවසක්!

No comments:

Post a Comment

මම ඔයගොල්ලන්ගේ අදහස්, යෝජනා, චෝදනා ඕනෑම දෙයක් සතුටින් බාර ගන්නවා. ඒ නිසා ප්‍රතිචාරයකුත් දීලම යන්න අමතක කරන්න එපා. මොකද ඒක මට සතුටක්!