Wednesday, December 12, 2012

කවි රසය හඳුනන අයටයි!

අද විශේෂ දවසක් 12.12.12.
මේ වගේ දවසක් එන්නේ ජීවිතේටම එක වතාවයි.
ඒනිසා මේ විශේෂ දවසේ ඔයාලට අපූරු ලිපියක් ලියන්නට මම අදහස් කලා.

කවිය කියන්නේ හරිම පුදුමාකාර දෙයක්. කවිය වෙලාවකට තේරුමක් තියෙන දෙයක් වෙන්නත් පුලුවන්, එහෙම නොවෙන්නත් පුලුවන්. එකම එක පුංචිම පුංචි කවියකට බොහොම පොඩි වෙලාවකින් ගොඩක් දේවල් කියන්න පුලුවන්. සමහර කවි හරිම ලස්සනයි, අමුතුයි. අන්න එහෙම කවි ලියන අපූරු කවියෙක් (?) මට මෑතකදී හමුවුනා. ඔහු නමින් ඉන්දික ගුණවර්ධන. සමහරු නම් දන්නවත් ඇති මෙයා ගැන. ඔන්න එහෙම නම් මෙයාගේ කවි කොහොමද කියලා ඔයාලම බලන්නකෝ.

සින්ඩරෙල්ලා

ජීවිතේ
නොසිතූ මොහොතක
රෑ දොළහෙ කනිසම වැදුණාම
බලාපොරොත්තුවේ සපත්තුව
හද ළඟ තියාන
බලා හිටියා
කල්පයක් විතර

දකිමින්
සොඳුරු
සිහින
ඔබ එතැයි
අද
නැත්නම්
හෙට

ඔබ මෙහේ එනකොට
සපත්තුව
පොඩි වැඩියි
මට

කවිවලට කැමති ඔයාලටත් ඉන්දික කවියාට (?) එකතු වෙන්න පුලුවන්. ඒ facebook එකෙන්.
එහෙම නම් කැමති අය මෙන්න මෙතනින් යන්න. තව බ්ලොග් එකකුත් තියෙනවා. ඒකට මෙතනින් යන්න.
මෙන්න ඉන්දික කවියගේ (?) තවත් කවි පෙලක්.

උතුරු මිතුරු

පණ වගේ
ආදරෙයි කිව්වට
ගහට

ගහ
කැමතිවෙයිද
පොරවට?

හොඳ දේවල් කොහොමත් අගය කරන්න ඕනනේ. අන්න ඒක නිසා තමයි මම මේ ලිපිය දැම්මේ.
එහෙනම් කොහොමද කියලා බලලා හොඳ නරක කියන්න.
ඔයාලට සුභ දවසක්!

4 comments:

  1. නියමයි යාලු පට්ට ඈ....දිගටම ලියන්න සුභ පතනවා

    ReplyDelete

මම ඔයගොල්ලන්ගේ අදහස්, යෝජනා, චෝදනා ඕනෑම දෙයක් සතුටින් බාර ගන්නවා. ඒ නිසා ප්‍රතිචාරයකුත් දීලම යන්න අමතක කරන්න එපා. මොකද ඒක මට සතුටක්!