Saturday, May 12, 2012

මගේ පළමු බ්ලොග් ලිපිය...


මේක තමයි නවතම මුහුණුවරකින් සයිබර් අවකාශයට මුදා හැරුනු බ්ලොග් අඩවිය. මුලින්ම කියන්න ඕනෑ මම මේ බ්ලොග් කෙරුවාව පටන් ගත්තේ මම දන්න දෙයක් තියෙනවනම් අනිත් අයටත් ඒ දෙය කියල දෙන්නයි. ඉතින් ඒකට හොදම ක්‍රමය අන්තර්ජාලය කියලයි මට හිතුනේ. ඊට පස්සේ මම මේ විදියට කොහොමද බ්ලොග් සයිට් එකක් හදාගන්නේ? කොහොමද බ්ලොග් පෝසට් එකක් දාන්නේ? වගේ දේවල් ටිකක් දැන ගත්තා. ඔන්න ඔය අත‍රෙ මට බ්ලොග් කෙරුවාව දන්න කෙනෙක් හම්බවුනා. එයාගේ බ්ලොග් අඩවියට මෙතනින් යන්න. මම එයාට මගේ මේ බ්ලොග් ලිවීමේ අදහස කිව්වම එයා එක පයින්ම කැමති වුනා. එයා කිව්වා "ඔයා මේ වැඩේ කරන්න. මම උදව් කරන්නම් කියලා".ඔන්න ඉතින් හා හා පුරා කියල මම මගේ පළමුවෙනි බ්ලොග් පෝස්ට් එකෙන් කියන්නේ ඔයාලටත් බ්ලොග් ලිවීමේ අදහසක්, ආසාවක් තියෙනවා නම් හිත හිත ඉන්න එපා දැන් ඉඳන්ම බ්ලොග් කෙරුවාව ඉගෙන ගන්න උත්සාහ ගන්න. හිතුවොත් කරන්න බැරි දෙයක් නෑනේ. ඔයාලට ඕනෑම වෙලාවක ඕනෑම උදව්වක් මට පුළුවන් විදියට කියලා දෙන්නම්.ඔයාලට අවශ්‍ය දේ comment එකක් මඟින් දන්වන්න. මට මේ විදියට බ්ලොග් ලියන්න උදව් කරපු, උනන්දු කරපු හැමෝටම මම ස්තූතිවන්ත වෙනවා. එහෙනම් මේ බ්ලොග් අඩවියට ආපු ඔයාලට සතුට පිරි සුභ දවසක් වේවා!
මම ඔයගොල්ලන්ගේ අදහස්, යෝජනා, චෝදනා ඕනෑම දෙයක් සතුටින් බාර ගන්නවා. ඒ නිසා ප්‍රතිචාරයකුත් දීලම යන්න අමතක කරන්න එපා. මොකද ඒක මට සතුටක්!

2 comments:

  1. ඔන්න එහෙනම් බ්ලොග් කලාවට සාදරයෙන් පිළිගන්නවා. මේකත් එක්තරා කලාවක්. තව තවත් ඉස්සරහට දිගටම හොඳ ලිපි ලියන්න කියලා සුභ පතනවා. ඒ වගේම ඕනේම වේලාවක බ්ලොග් ගැන ඕනේම උදව්වක් ඉල්ලන්න අනිවා දෙන්නම් කියලා තමා කියන්න තියෙන්නේ. ජය....

    ReplyDelete
  2. එල එල
    තැන්කු තැන්කු මලයා.

    ReplyDelete

මම ඔයගොල්ලන්ගේ අදහස්, යෝජනා, චෝදනා ඕනෑම දෙයක් සතුටින් බාර ගන්නවා. ඒ නිසා ප්‍රතිචාරයකුත් දීලම යන්න අමතක කරන්න එපා. මොකද ඒක මට සතුටක්!