Monday, July 30, 2012

ඔයාලත් මෙහෙම හිතන කෙනෙක්ද?




කෙනෙක් අමුතු විදියට හිතලා කරන දේවල් නව නිපැයුම් කියලා කියනවා මම හිතන විදියට. එහෙනම් බලන්න මේ video එකත් ඒ වගේ දෙයක්ද කියලා. 


බලන්න මෙයා හිතල තියෙන විදිය.
කොහොමද ඔයාලටත් මේ විදියේ අපූරු දේවල් කරන්න පුලුවන්ද?
එහෙනම් එන්න අපිත් එක්ක එකතු වෙන්න.
ඔයගොල්ලොත් මේ විදියේ දේවල් කරන කියන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම අපිටත් ඒවා කියන්න.
නැත්නම් ඔයගොල්ලො දන්න මේ විදියෙ වැඩ කරන අය ඉන්නවා නම් අපිට හඳුන්වලා දෙන්න.
මොකද අපි දන්න දෙයක් නොදන්න කෙනකුට කියල දෙන එක කොයිතරම් දෙයක්ද!
එහෙනම් ඔයගොල්ලන්ට සුභ දවසක්!

Friday, July 27, 2012

අපේ පරිගණකයේ වේගය වැඩිකරගමුද?


සාමාන්‍යයෙන් win 7 වල කරදරයක් නැතුව වැඩ කරගන්න නම් අඩුම තරමින් Ram එක 1GB වත් තියෙන්න ඕනෑ. මොකද 512MB වගේ Ram එකක් තිබුණොත් ඉතිං වැඩ කරනවාට වඩා වැඩි වෙලාවක් බලාගෙන ඉන්න සිද්ධ වෙයි.
ඉතිං මෙහෙම බලාගෙන ඉන්නවට වඩා අපේ com 1 speed එක ටිකක් හරි වැඩි කරගන්න පුලුවන් වුනොත් හොඳයි නේද?
අන්න ඒ නිසා තමයි මේ ක්‍රමය ඔයගොල්ලන්ට අත්හදා බලන්න කියල කියන්නේ.
මේකට කියන්නේ Ready Boost තාක්ෂණය කියලයි.
මේකෙන් කරන්නේ අපේ
Ram මතකය තවත් වැඩි කිරීමක් කිව්වොත් හරි. හැබැයි ඉතිං මේ වැඩේ කරගන්න අපිට pen එකක් නම් උවමනා වෙනවා. දැන් 2GB pen එකක් වුනත් ගොඩාක් අඩුවට අපිට වෙළඳපොලෙන් මිලදී ගන්න පුලුවන්. ඒක Ram එකක් ගන්නවා වෙනුවට ලොකු ලාභදායී දෙයක්නෙ. නැත්නම් ඉතිං අද කාලේ Ram එකක් ගන්නවා කියන්නේ කී දාහක් වියදම් වෙන වැඩක්ද?
හරි...  හරි... දැන් ඉතිං අපි වැඩේට බහිමු.
මුලින්ම ඔයගොල්ලෝ pen එක com එකට connect කරලා run වුනාම pen එක උඩ right click කරන්න. ඊට පස්සේ properties වලට යන්න. එතැනින් Ready Boost tab එක තෝරන්න. එතකොට එනවා මෙහෙම එකක්. ඔය පහත දාලා තියෙන පින්තූරේ වගේ එකක්.


පැහැදිලිව පේන්නේ නැත්නම් පින්තූරය උඩ click කරන්න.
ඒකේ option 3 ක් තියෙනවා. ඒකෙන්,
Dedicate this device to ready boost කියන එක නැත්නම් Use this device කියන එක තෝරන්න.
දැන් ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට මතකය සකසාගන්න පුලුවන්. ඊට පස්සේ වෙන්නේ ඔයාලා දුන්න මතකයයි com එකේ ram මතකයයි එකිනෙකට share වෙන එකයි.
මම නම් මේ ක්‍රමේ අත්හදා බලලා සාර්ථක වුන නිසයි ඔයාලට කියන්න හිතුවේ.
එහෙනම් ඉතිං දැන්ම ඔයාලත් ඔයාලාගේ
com එක Boost කරගන්න ගොඩාක් අඩුවට සහ බොහොම පහසුවෙන්.
ඔයාලට සුභ දවසක්!

Thursday, July 26, 2012

2007 ඔෆිස් පැකේජයේ doc 2003 ඔෆිස් පැකේජයෙන් බය නැතුව open කරමුද?


ඉතින් කොහොමද යාළුවනේ. හුඟ දවසකට පස්සේ තමයි බ්ලොගය පැත්තට ආවේ. මොකද මේ දවස්වල ටිකක් කාර්යබහුලයි. 
අද මම ඔයගොල්ලන්ට දෙන්න යන්නේ ගොඩක් ප්‍රයෝජනවත් ඒ වගේම සරල soft 1ක්. soft 1ක් කිව්වට මේක tool 1ක්. 
සමහරු නම් මේ ගැන දන්නවත් ඇති. මයික්‍රොසොෆ්ට් සමාගමෙන් තමයි මේක දෙන්නේ. දැන් ඉතින් මයික්‍රොසොෆ්ට් සමාගමෙන් කිව්වම ඔයගොල්ලො හිතයි මේක මිලදී ගන්න ඕන 1ක්ද කියලා. 
ඇත්තටම මයික්‍රොසොෆ්ට් සමාගමෙන් මේ සරල tool එක දෙන්නේ නොමිලේ. සාමාන්‍යයෙන් මයික්‍රොසොෆ්ට් සමාගමේ 2007 දී හදපු ඔෆිස් පැකේජයෙන් කළ ඩොකියුමන්ට්, 2003 දී හදපු ඔෆිස් පැකේජයෙන් open කරන්න බැහැ. open කළත් වචන, රූප සටහන් වගේ දේවල් වෙනස් වෙන්න පුලුවන්. ඉතින් අපි ලඟ 2003 ඔෆිස් පැකේජය තියෙනවනම් 2007 ඔෆිස් පැකේජයෙන් කළ doc බය නැතුව open කරන්න පුලුවන් මේ tool එකෙන්. මේ tool එකෙන් කරන්නේ අපිට අවශ්‍ය doc එක ඊට අඩු version 1කට convert වීමයි. තව දෙයක් තමයි 2010 ඔෆිස් පැකේජයෙන් කළ doc වුනත් මේකෙන් කිසිම ප්‍රශ්නයක් නැතුව open කරගන්න පුලුවන්.
කාලයක් මටත් මේක ප්‍රශ්නයක් වෙලා තිබුණේ. අපි විතරක් දැන ගත්තට මදිනේ. දන්නැති අයටත් මේක කියන්න ඕනේ කියලා හිතුන නිසා තමයි මම මේ ගැන ඔයාලට කිව්වේ. හා... හා... කතා ඇති. ඔයාලත් මේක බාගෙන install කරලම බලන්නකෝ කොහොමද කියලා. එහෙනම් මෙන්න මෙතනින් බාගන්න. ඔයාලට මේක install කරද්දී මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් අහන්න. ඔයාලට සුභ දවසක්!